පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විහාරස්ථානය ගැන


පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විහාරය අපේ විහාරස්ථානය යි. විශ්ව විද්‍යාලයේ දූරකථන හුවමාරු මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලැබූ ගොඩනැගිල්ල, 1983 දී අති පූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලා වැඩවාසය කරන විහාරස්ථානයක් බවට පත්කරන ලද තැන් පටන්, එය අපේ විහාරස්ථානය වී ඇත. එතැන් පටන් මේ දක්වා, අවම පහසුකම් මැද, අපේ විහාරස්ථානයෙන් විශ්වවිද්‍යාලයීය ප්‍රජාවට මෙන්ම අවට ප්‍රදේශවාසීන්ට ඉටුව ඇති ශාසනික හා සමාජයීය සේවය ප්‍රශංශනීයය.

වර්තමානයේ විහාරාධිපති වශයෙන් වැඩවාසය කරන පූජ්‍ය රාජකීය පණ්ඩිත ආචාර්ය බමුණුගම ශාන්තවිමල ස්වාමීන්වහන්සේ විසින්, පවතින අඩු-පාඩු මධ්‍යයේ විශ්වවිද්‍යාලයීය ප්‍රජාව මෙන්ම අවට ප්‍රදේශවාසීන් වෙනුවෙන් මෙතෙක් ඉටු කර ඇති ශාසනික හා සමාජයීය සේවය අති මහත් ය. විශ්වවිද්‍යලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති වශයෙන් රාජකාරි කටයුතු කරමින් ම, ඊට අමතරව උන්වහන්සේ විසින් අප විහාරස්ථානයානුබද්ධව පවත්වාගෙන යනු ලබන සේවාවන් අතර වඩාත් ප්‍රමුඛ කටයුතු වන්නේ,

ආදිය යි.

අපේ විහාරස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා පැමිණෙන බොහෝ ස්වාමීන් වහන්සේලාට නවාතැන් පහසුකම් සපයනු ලැබේ. එලෙසම කෙටිකාලීනව වැඩ විසීම සඳහා වනවාසී භික්‍ෂූන් වහන්සේලා වරින් වර වැඩම කරනු ලබයි. පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා දිනපතා පිණ්ඩපාත චාරිකාවේ වැඩීම ප්‍රදේශවාසීන්ට දන්පැන් පූජාකිරීම සඳහා මහඟු අවස්ථාවක් සලසා දෙයි.


වැඩසටහන් පිළිබඳ විස්තර


ඉරුදින දහම් පැසැල


මෙය වර්ෂ 1990 පූලි මස 8 වන දින ළමුන් 25 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද අතර මේ වන විට වසර 25ක් ගෙවී ගොස් ඇත. වර්ථමාන ශිෂ්‍ය සංඛ්‍යාව 270 කි. මෙම දහම් පාසැලේ ඉගෙනුම ලත් බොහෝ දෙනෙක් අද වන විට වෛද්‍ය, ඉංජිනේරු, කෘෂිකර්ම, දන්ත වෛද්‍ය, තොරතුරු තාක්‍ෂණය ආදී විවිධ ක්‍ෂේත්‍ර වල ඉහල තනතුරු හොබවනු ලබයි. මෙම දහම් පාසල ප්‍රාදේශිය හා ජාතික මට්ටමේ විවිද කටයුතු වලදී දිස්ත්‍රික්කයේ අනෙකුත් දහම් පාසැල් අතර කැපී පෙනෙන ලෙස කටයුතු කරයි. කෙසේ නමුත් පාසැල පවත්වාගෙන යනු ලබන්නේ අවම පහසුකම් යටතේය. ප්‍රමාණවත් ඉඩ කඩ සහිත ගොඩනැගිල්ලක් නොමැති කම නිසා පංති පවත්වනු ලබන්නේ ගස්යට හා බුදු කුටිය තුලය. එබැවින් ගුරුමණ්ඩලයේ සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ කැපවීම වඩාත් ඵලදායී වීම සඳහා මෙම දහම් පාසැලේ පහසුකම් දියුණු කලයුතුව ඇත.

එලිමහනේ පැවැත්වෙන පංති

ඉදිවෙමින් පවතින දහම් පාසල් ගොඩනැගිල්ල

දහම් පාසලේ ගුරු මඩුල්ල

භාවනා වැඩසටහනක්


භාවනා වැඩසටහන්


සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල උපාසක උපාසිකාවන් විහාරස්ථානයට පැමීණ විහාරාධිපති වහන්සේගෙන් හෝ වැඩම කරනු ලබන ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා පරිදි භාවනා කටයුතු වල නිතර වේ. බදාදා දිනවල විශ්වවිද්‍යාල සිසුන් විහාරස්ථානයට පැමිණ භාවනාවේ යෙදීමද වැදගත් අංගයකි.


සූත්‍ර සාකච්ඡා, අභිධර්ම පංති හා පාලි භාෂා පංති පැවැත්වීම.


විහාරාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත ආචාර්ය බමුණුගම ශාන්තවිමල ස්වාමීන් වහන්සේ විසින් සෙනසුරාදා දිනවලදී අභිධර්මය පිළිබඳ පංතියක්ද බ්‍රහස්පතින්දා දිනවල ප. ව. 4-5 කාලය තුලදී පාලිභාෂා ඉගැන්වීමේ පංතියක්ද ඉන් අනතුරුව සූත්‍ර සාකච්ඡාවක්ද පවත්වයි.


දෛනික බුද්ධ වන්දනාව හා පිරිත් සජ්ජායනාව


මෙම විහාරස්ථානයේ දෛනිකව සවස 6-7 කාලය තුලදී වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා විසින් බුද්ධ වන්දනාද ඉන් අනතුරුව පිරිත් සජ්ජායනාවක්ද පැවැත්වේ. මීට ගිහි පින්වතුන්ද සහභාගි වේ.


පසළොස්වක් පොහෝ දිනවල සීල භාවනා වැඩසටහන


සෑම පසළොස්වක පොහෝ දිනකම විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල සමාජික සමාජිකාවන් හා අවට ගම්වාසීන් 150 දෙනෙකු පමණ සහභාගිත්වයෙන් විහාරස්ථානයේදී සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වේ. මෙහිදී උපාසක උපාසිකාවන් විසින් අටසිල් හා දස සිල් සමාදන් වන අතර බුද්ධ වන්දනා, බුද්ධ පූජා, භාවනා කිරීම, සාකච්ඡා හා ධර්ම දේශනා වැඩසටහන් දවස පුරා පැවැත්වේ.

ධර්ම දේශණයක් පවත්වන ආගන්තුක ස්වාමින් වහන්සේ නමක්