අප්‍රමාණවත් වූ අඩු-ලුහුඩුකම් මධ්‍යයේ ඉටුකරනු ලබන එකී සේවාවන්, වඩාත් පුළුල්ව හා ඵලදායීව ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකිවන පරිදි විහාරස්ථානයේ පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍යව පවතී. ඒ සදහා ම, මෙම විහාරස්ථානයෙන් සේවාවන් ලබා ගන්නා අප සැම ඒකරාශී වීම අත්‍යවශ්‍යව ඇත. මෙය අපගේ වගකීමක් මෙන් ම යුතූකමක් ද වන්නේ ය.

වර්තමානයේ පවත්නා අඩුපාඩු අතර ඉතා ඉක්මනින් කළ යුතූ අත්‍යවශ්‍යම සංවර්ධන කටයුතූ කීපයක් හඳුනාගෙන ඇත.


ඉටු කරගත යුතුව ඇති සංවර්ධන අවශ්‍යතා



සීමා-මාලකය ඉදිකිරීම (2017 දී සම්පූර්ණ කර අවසන්)


භික්ෂූනන්වහන්සේලාගේ උපසම්පදා දිවිය හා බැඳූණු විනයමය අවශ්‍යතාවයක් ලෙස සීමා-මාලකය සළකනු ලැබේ. විනයානුකූලව ඉදිකරනු ලබන මෙය, ඕනෑ ම විහාරස්ථානයක ඇති උතූම් ම ස්ථානය යි.

සීමා මාලකය පෙර පැවති ආකාරය

සීමා මාලකය වැඩ අවසන් කිරීමෙන් පසු


ඉරුදින දහම් පාසැල් ගොඩනැගිල්ල


ගොඩනැගිලි පහසුකම් නැති නිසා, කලක් තිස්සේ, දහම් පාසැල් පංති තාවකාලික මඩුවල හා එළිමහනේ පැවත්වීමට සිදූවී තිබීම කණගාටුදායක ය. දහම්-පාසැල සදහා ස්ථීර ගොඩනැගිල්ලක් ඉදිකිරීීම කලකට පෙර ආරම්භකර ඇතත්, මූල්‍ය අපහසුතාවයන් නිසා මේ වනවිට එහි ඉදිකිරීම් කටයුතූ තාවකාලිකව නතර වී ඇත. වර්ග අඩි 4500 ක් වු යෝජිත තෙමහල් ගොඩනැගිල්ලේ පහළ මාලය පමණක් සාදා නිම කිරීමට රුපියල් ලක්‍ෂ 50 ක් ඇස්තමේන්තූ කර ඇති අතර, ඒ සඳහා දායකත්වය සපයන මෙන් මෙම දහම් පාසලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්, දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් හා දානපතීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අඩක් නිම කළ දහම් පාසල් ගොඩනැගිල්ල (පෙර)

අඩක් නිම කළ දහම් පාසල් ගොඩනැගිල්ල (වර්ථමාන)


පිවිසුම් මාර්ගය හා ආරක්‍ෂක බැම්ම ඉදිකිරීම


විශ්වවිද්‍යාලයේ කලාගාරයට නො දූරින් උඩපේරාදෙණිය දෙසට හැරෙන මාවතේ නව කලාගාරය අවසන් වන තැනින් විහාරස්ථානයට පිවිසීම සදහා කෙටි හා වඩා පහසු මාර්ගයක් වශයෙන් මෙය සකස් කිරීමට යෝජනා කෙරී ඇත. දර්ශනීය වාහල්කඩක් සහිතව සකස් කිරීමට යෝජිත මෙම මාර්ගය නිසා, සැදැහැවතූන්ට වඩාත් පහසුවෙන් විහාරස්ථානයට පිවිසීමට හැකිවනු ඇති අතර, විහාරස්ථානයේ ගාම්භීරත්වය ද ඉහළ නැංවෙනු ඇත. මීට සමගාමීව, විහාරස්ථානයේ ගොඩනැගිලිවල ආරක්ෂාාව සදහා අඩි 137 ක් දිග, අඩි 10 ක් උස ආරක්ෂක බැම්මක් ඉදිකිරීම ද අත්‍යවශ්‍යව පවතී. මේ සදහා රුපියල් ලක්‍ෂ 40 ක මූල්‍ය අවශ්‍යතාවයක් සපුරා ගැනීම සදහා අප සැම ඒකරාශී විය යුතූව ඇත.

කෙටි පිවිසුම් මාර්ගය පෙර පැවති තත්වය

කෙටි පිවිසුම් මාර්ගයේ වර්ථමාන තත්වය


පොදූ පහසුකම් නැංවීම හා භූමි-අලංකරණය


විහාරස්ථානයට පැමිණෙන සැදැහැවතූන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීම නිසා, ඔවුන්ට අවශ්‍ය පානිය ජලය, වැසිකිළි-කැසිකිළි පහසුකම්, වාහන ගාල් කිරීම ආදී මුලික පහසුකම් වැඩි දියුණු කල යුතූව ඇති අතර, අපේ විහාරස්ථානය අලංකාරවත් සිත් නිවන හද සනසන පරිසරයක් බවට පත්කිරීම ද අත්‍යවශ්‍ය කටයුත්තක්ව පවතී.