අප හා ඒකතු වන්න


පේරාදෙණිය විශ්වවිද්‍යාල විහාර සංවර්ධන සංගමය


පේරාදෙණිය විශ්වවිද්‍යාල විහාර සංවර්ධන සංගමය මෑතකදී පිහිටුවා ගන්නා ලද සංගමයකි. මෙහි අරමුණු වනුයේ විහාරස්ථානය කරා පැමිණෙන බැතිමතුන්ගේ සදාචාරාත්මක හා අධයාත්මික සංවර්ධනය සඳහා අදාල සදහම් සේවාවන් හා වැඩසටහන් පහසුවෙන් කරගනෙ යෑම පිණිස අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමයි. මේ සඳහා විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන් කණ්ඩායමක් ඒකරාශි වී මෙම මසංගමය ආරම්භ කරන ලද අතර විහාරාධිපති පූජ්‍ය රාජකීය පණ්ඩිත ආචාර්ය බමුණුගම ශාන්තවිමල ස්වාමීන් වහන්සේ අනුහාසක්තවය දරනු ලබයි. මෙම සංගමය 20 දෙනෙකුගෙන් යුත් විධායක කමිටුවක් මගින් මෙහෙයවනු ලැබේ.

විහාර සංවර්ධනය සඳහා ඔබට දායක විය හැක්කේ කෙසේද?


පහත සඳහන් ක්‍රම තුලින් ඔබටද විහාර සංවර්ධනය සඳහා දායක විය හැක.

  • සංගමයේ සාමාජිකත්වය ලැබීම තුලින්
  • කොටස් වශයෙන් හෝ එකවර මුදල් පරිත්‍යාග කිරීමෙන්
  • ද්‍රව්‍යමය පරිත්‍යාග තුලින්
  • ස්වෙච්ඡාවෙන් තමාගේ විශේෂ දැනුම හා හැකියාව මගින් සේවා සැපයීමෙන්
  • ක්‍රියාශිලීව අරමුදල් සපයා ගැනීමට දායක වීමෙන්

වාර්ෂික හෝ යාවජීව සාමාජිකත්වය ලබා ගැනීමෙන් ඔබට සංගමයේ කටයුතු වලට සහභාගි විය හැක. මේ සඳහා මෙහි පහත දැක්වෙන සාමාජික ඉල්ලුම් පත පුරවා ඇතුල්වීමේ ගාස්තුව හා සාමාජික මුදල (වාර්ෂික රු. 100/=, යාවජීව රු. 1000/=) සමග සංගමයේ ගරු ලේකම් වෙන ඉදිරිපත් කරන්න.

පරිත්‍යාග ශීලීන්ගේ පහසුව පිණිස සංගමය මගින් පහත සඳහන් බැංකු ගිණුම් විවෘත කර ඇත.

ගිණුමේ නම: "පේරාදෙණිය විශ්වවිද්‍යාල විහාර සංවර්ධන ගිණුම" (සියලුම ගිණුම් සඳහා)

ගිණුම් අංක:

ලංකා බැංකුව (පේරාදෙණිය ශාඛාව) - 0078725998 (ජංගම ගිණුම)

ලංකා බැංකුව (පේරාදෙණිය වි. වි. ශාඛාව) - 79594976 (ඉතිරි කිරීමේ ගිණුම)

ලංකා බැංකුව (පේරාදෙණි ශාඛාව) - 78439584 (ඉතිරි කිරීමේ ගිණුම)

විදේශයන්හි සහ දුර බැහැර ප්‍රදේශවල පදිංචිව සිටින අයට තම තැන්පතු සෘජුවම ගිණුම් වෙත යොමු කර රිසිට්පතේ ඡායා පිටපතක් තැපැල් කිරීමට හෝ රිසිට්පත සංගමයට විද්‍යුත් තැපෑලෙන් යැවිය හැකිය. වැඩි විස්තර සඳහා පහත ඊමේල් ලිපිනයන් හා දුරකථන අංකයන් භාවිතා කරන්න.

ගරු සභාපති:
මහාචාර්ය ඒච්. ඒම්. ඒන්. බංඩාර මහතා
hmnbandara@yahoo.com
071 626 2860

ගරු ලේකම්:
ඒ්. පාලමකුඹුර මහතා
templedevelopmentsoc@gmail.com
071 644 1362

ගරු භාණ්ඩාගාරික:
ඒස්. ඒම්. තිලකරත්න මහතා

පේරාදෙණිය විශ්ව විද්‍යාල විහාර සංවර්ධන සංගමය - සාමාජික අයදුම් පත ඉංග්‍රීසි සිංහල



ඔබ සැමට තෙරුවන් සරණයි!